මිලියන 136ක් සිය ගිණුමේ තිබු තරුණයෙකු අත්අඩංගුවට

Share

රත්මලාන ප්‍රදේශයේ තරුණයෙක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රත්මලාන, ධර්මාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු විසින් බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමකට රුපියල් මිලියන 136ක මුදලක් ලැබී ඇත.

ඒ අනුව වැඩිදුර විමර්ශන සිදුකර තිබේ.

එහිදී මෙරටින් පළා ගොස් සිටින අපරාධකරුවෙකු ලෙස සැලකෙන ධර්මසිරි පෙරේරා නැමැත්තා විසින් එම මුදල් අදාළ සැකකරු වෙත එවා ඇතැයි තහවුරු වී ඇත.

මීට මාස කිහිපයකට පෙර යම් පුද්ගලයෙකුගේ ගිණුමට රුපියල් කෝටි 49ක මුදලක් ධර්මසිරි පෙරේරා නැමැත්තා විසින් එවා තිබු අතර, එම පුද්ගලයා ද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම මුදලින් රුපියල් මිලියන 136ක මුදලක් ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ගිණුමට බැර වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (08) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News