උත්සව සමයේ අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000ක දීමනාවක්

අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත උත්සව සමය වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණයකර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම දීමනාව ලබා දීමට කටයුතු කර තිබේ.

ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හඳුනා ගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබා දීමේ වැඩපිළිවෙළ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා‌ගේ මැදිහත් වීම මත එම බලකාය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවන බව එම නිවේදනයේ දැක්වේ.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

Previous articleදක්ෂිණ අධිවේගයේ සිදුවූ අනතුරකින් තෙල් බවුසරයක් ගිනි ගනී
Next articleනැවත විදුලිය විකුණගෙන මැතිවරණ කරන්න ඉඩ තියන්නේ නැහැ : විදුලි බල අමාත්‍ය