අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Share

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2.433 ක් සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) සිදුකළ මෙහෙයුමකින් අනතුරුව 27 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අප්‍රේල් 10 දින වත්තල ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 113 ක් හෙරොයින් ග්‍රෑම් 101ක් සොයාගනු ලැබිණි.

අනතුරුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව ඊට පසු දින ජා ඇළ ප්‍රදේශයේ දී තවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15ක්, සැකකරුවන් සිව්දෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පසුව එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව අප්‍රේල් 12 වන දින සපුගස්කන්ද, රත්ගහවත්ත ප්‍රදේශයේ දී අයිස් කිලෝ ග්‍රෑම් 110ක් හා සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබු අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව ඊයේ දිනයේ දී වත්තල දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 11ක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සොයාගෙන ඇති මුළු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 128කට ආසන්න බවත් පැවසීය.

Read more

Local News