දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඒ දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ විශේෂ ජල ව්‍යාපෘතියක් සඳහා ගබඩාකර තිබූ ජල මාපක 477ක් ඇතුළු තවත් උපාංග තොගයක් පසුගිය මාර්තු 30 වනදා කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇති අතර එලෙස සොරකම් කළ ජල මාපක 98ක් තමන් සතුව තබා ගැනීම හේතුවෙන්.
අදාල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පොදු දේපළ පනත යටතේ අද (17) අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි
එමෙන්ම මෙම සොරකමට අදාළව, අදාළ ගබඩාවේ ලිපිකරු,රියදුරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ජල මාපක 98ක් සමග සැකකාර ප්‍රාදේශිය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් පැවසීය.