ශ්‍රි ලංකාවේ ළදරු මරණ අනුපාතිකය අවම වෙයි

Share

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අවමවීම සහ සජීවී දරු උපත් සංවර්ධනය වූ රටවලට සමාන අගයක් ගැනීම අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ සජීවී දරු උපත් නිරෝගී රටවලට සහ ඇමරිකා එක්සත් ජනපදයට වැනි රටවල දත්තයන්ට සමාන වී ඇත්තේ ශ්‍රි ලංකාවේ ළදරු මරණ අනුපාතිකය අවම වීම හේතුවෙනි.

වළක්වාගත හැකි මාතෘ හා ළදරු මරණ තුරන් කිරීමට ශ්‍රි ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කර ඇත. ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබාදෙමින් මාතෘ මරණ අවම කිරීම ජයග්‍රහණයක් බව එම සංවිධානය සදහන් කරයි. ගර්භනී අවධියේ දී අධිරුධිර පීඩනය, අධික රුධීර වහනය හේතුවෙන් සියයට 15 ක් පමණ ජීවිත අවධානමක් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීය වශයෙන් බලන විට ගර්භනී තත්ත්වයේ දී සහ ප්‍රසුතීයේ දී වසරක් තුල ලක්ෂ 03 කට ආසන්න කාන්තාවන් මිය යන බවයි.

මාතෘ මරණ අවම කර ගැනීමේ ඉළක්ක ශ්‍රී ලංකාව මේ වනවිට ජයගෙන ඇත. ළදරු මරණ අනුපාතය ද අඩු වී ඇත. එය වෙනත් රටවලට ආදර්ශයක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Read more

Local News