පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකයි

පාස්කු ප්‍රහාරය එල්ල වී අප්‍රේල් 21 එනම් අදට වසර 2ක් සපිරෙනවා. ලොවම කම්පා කරවූ මෙම ප්‍රහාරයෙන් මියගිය හා මියගිය සහ වින්දිත පිරිස් වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අනුව රහාරයෙන් වින්දතයින් බවට පත්වූ හා මියගිය පිරිස සිහිපත් කරමින් අද පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිහඬතාවක් ආරක්ෂා කරන ලෙස
කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා සඳහන් කරනවා,