කොරෝනා වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී ඉන්දියාවෙන්.

Share

කොරෝනා ආරම්භ වීමත් සමඟ  ඉන්දියාවේ  වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වී තිබේ.  ඊයේ දිනයේ පමණක් මරණ  2,023 ක් වාර්තා වී  ඇති අතර, මෙය  එක් දිනක් තුළ එරටින්  වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවයි. මේ වනවිට කොරෝනා ආසාදිතයින්  295,041 ක් වාර්තා වී ඇත.

මෙවර එරට තුළ කොරෝන දෙවෙනි රැල්ල ආරම්භ වීමත් සමග එය සුනාමියක් ආකාරයෙන්  ඉතා සීඝ්‍රයෙන් ඉන්දියාව තුල පැතිර ගොස් ඇති බව මුම්බායි රෝහලේ ජ්‍යෙෂ්ඨ  උපදේශකයෙකු වන ජලීල් පාකර් පවසා තිබේ.

ඔක්සිජන් නොමැති බවත්, රෝහල් වල ඇඳක්  සොයා ගැනීම අපහසු බවත් හා  පරීක්ෂණයක් ලබා ගත නොහැකි බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කර ඇත.

Read more

Local News