ඡන්දදායකයන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරයි

Share

ඉකුත් වර්ෂයට එනම් , 2020 වර්ෂයට අදාළ ඡන්දහිමි නාම ලේඛනයේ කෙටුම්පත දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බවත්
www.elections.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් වී ඇද්දැයි පරික්ෂාකර ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.

2021 අප්‍රේල් 30 වනදා අදාළ නාම ලේඛනය සහතික කිරිම සිදු කරන හෙයින් අදාල නාම ලේඛනයේ තමාගේ නම ඇතුළත් වී ඇත්දැයි පරික්ෂා කර බලන ලෙසත් එසේ නොමැති නම් ඒ පිළීබඳව ග්‍රාම නිළධාරිවරයා හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දැනුවත් කරන ලෙසයි කොමිසම අවදාරණය කරන්නේ.

Read more

Local News