නාවික හමුදාවට ලද තොරතුරකට අනුව පෙරේදා (03) මීගමුව සහ නවච්චෝලේ යන ප්‍රදේශයන්හිදී සිදු කළ සෝදිසි කිරීම්වලදි දළ වශයෙන් කෝටි 4 කට වඩා වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝග්‍රෑම් 404 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
ඒ අනුව, බටහිර නාවික විධානයට ලද තොරතුරක් මත එම විධානයේ නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව පෙරේදා මීගමුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 403 ක් ලඟ තබා පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
තවද, නැගෙනහිර නාවික විධානයට ලද තොරතුරක් මත එම විධානයේ නාවිකයින් පිරිසක් සහ කුච්චවේලි, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පෙරේදා නවච්චෝලේ ප්‍දේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබියදී සොයා ගෙන ඇත.