ලියෝ ” සවිය ” ව්‍යාපෘතිය මෙවරත් සාර්ථකව මී මුරේ කයිකාවල කනිෂ්ඨ විදුහලේදී

සමාජ සේවා කටයුතු වල නියැලෙන ලියෝ දිස්ත්‍රික්ක 306 C2 කොළඹ නයිට්ස් ලියෝ ආයතනය විසින් දිරිමත් හදවතක් සවිමත් කරන්නට අත්වැලක් සැපයීමේ අරමුණෙන් සංවිධානය කල ” සවිය ” බහුවිධ සේවා ව්‍යාපෘතිය ඉකුත් 24 , 25 දෙදින තුල මී මුරේ කයිකාවල කනිෂ්ට විදුහලේදී සාර්ථකව පැවැත්විණි.

එහිදී මුද්‍රණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම , පාසල් උපකරණ ලබා දීම , පොත් බෙදාදීම , පුස්තකාල ප්‍රතිසංස්කරණය හා ගම්වාසීන් හට ඇස් කණ්නාඩි ලබාදීම හා ප්‍රථමාධාර කට්ටල ලබා දීම වැනි සමාජ සේවා රැසක් සිදු කල අතර කොළඹ නයිට්ස් ලියෝ සමාජයේ ලියෝ පබසරා මානවි , ලියෝ මොහොම්මඩ් අස්මිල් , ලියෝ කසුන් ප්‍රනාන්දු , ලියෝ ශානුක ආදිත්‍ය ඇතුළු ලියෝ සාමාජිකයින් පිරිස ද මී මුරේ කයිකාවල කනිෂ්ට විදුහලේ විදුහල්පති ඇතුළු ගුරුභවතුන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.