ගත වූ පැය 24 ක කාලය තුලත් ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ ගණනක් වාර්තා වෙයි

Share

ගත වූ පැය 24 ක කාලය තුල ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් හා මරණ ගණනක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ පමණක් එරටින් කොරෝනා මරණ 3501ක් සහ නව ආසාදිතයින් 386,809ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එරට සමස්ත මරණ ගණන 208,313 ක් සහ ආසාදිතයින් ගණන 18,754, 984 ක් වන අතර මේ වන විට එරට අගමැති නරේන්ද්‍ර මෝදී විශේෂ කැබිනට් රැස්වීමක් ද කැදවා ඇති බව වාර්තා වෙනවා.

හෙට දිනයේ සිට එරට ජනතාවට රුසියාවෙ ස්පුට්නික් එන්නතද ලබා දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News