වයස අවුරුදු 06 ට අඩු කුඩා දරුවන් අතර නව වෛරස් උණක් පැතිරයාමේ අවදානමක්

Share

කුඩා දරුවන් අතර මේ දිනවල නව වෛරස් උණක් පැතිරයන බව ළමා රෝග විශේඥ වෛද්‍ය වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරනවා. එම රෝගයේ ලක්ෂණ ලෙස කුඩා දරුවන්ට උණ සමග මුඛය ඇතුළු ශරීරයේ විවිධ ස්ථාන වල රතු ලප දැකිය හැකි බවයි පැවසෙන්නේ.

ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ කඩිනමින් එම රෝගය සදහා ප්‍රතිකාර කලයුතු බවත් එසේ නොමැති වුවහොත් දරුවන්ගේ නිය පොතු පවා ගැලවී යා හැකි තත්වයකට පත්වීය හැකි බවයි.

Read more

Local News