කොවිඩ් පාලන “ටූ ඩියොක්සි ඩී ග්ලූකෝස් ” නමැති ඖෂධයකට ඉන්දියාවේ හදිසි අනුමැතිය

Share

කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස “ටූ ඩියොක්සි ඩී ග්ලූකෝස් ” ඖෂධය භාවිත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ සායනික පරීක්ෂණ සිදුකර තිබුණි. රෝහල්ගතව සිටින රෝගීන් සුවය ලැබීමට හා අතිරේක ඔක්සිජන් මත යැපීම අවම කිරීමට එම ඖෂධය උපකාරී වී ඇති බව අනාවරණ වී තිබුණි.

ඒ අනුව “ටූ ඩියොක්සි ඩී ග්ලූකෝස් ” ඖෂධය හදිසි භාවිතයට ඉන්දීය ඖෂධ පාලකයන් අනුමැතිය ලබා දී තිබේ.

ඉන්දීය රජය යටතේ ක්‍රියාත්මක ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ආයතනය සහ හයිද්‍රාබාදය පදනම් කරගත් රසායනාගාරයක් විසින් එම ඖෂධය නිපදවනු ලබයි.

Read more

Local News