ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Share

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් කර තිබෙනවා. ඒ අනුව ගිනිකොණ දිග අරාබි මුහුදු ආශ්‍රිතව වර්ධනය වූ අඩුපීඩන කලාපයේ බලපෑම නිසා කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට සුළගේ වේගය පැයට කිලෝමීටර 60- 70 දක්වා වර්ධනය විය හැකි බවත් දිවයින හරහා සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ගිනිකොණ දිග අරාබි මුහුදු ආශ්‍රිතව සුළගේ වේගය 70-80 ත් අතර වර්ධනය විය හැකි හෙයින් එම මුහුදු ප්‍රදේශ වල ධිවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read more

Local News