තවත් දිස්ත්‍රික්ක 13ක එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම්

දිවයින පුරා මේ වන විට එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව තවත් දිස්ත්‍රික්ක 13ක එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා 25,000ක් ද නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 50,000 බැගින් ලබාදීමට සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරනවා.

Previous articleතවත් කොවිඩ් මරණ 46ක්
Next articleශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද ඇරඹේ