ගිනිගත් නැවේ තෙල් කාන්දුවක් දැයි සැකයක්

Share

මේ වන විට මුහුදුබත් වෙමින් පවතින ගිනි ගැනීමකට “එම්.වී එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට වන පැල්ලමක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූප කිහිපයක් උපුටා දක්වමින් සදහන් කරනවා.

පරිසර අමාත්‍ය මහින්දා අමරවීර මහතා සදහන් කරන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට මේ පිළිබඳ දැනුවත් කළ බවත් ය. මේ පිලිබදව අදහස් දක්වමින් ආමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ “මීපා ආයතනයේ සභාපතිතුමිය කිව්වා එතුමියටත් එවැනි තොරතුරක් වාර්තා වෙලා තියෙනවා කියලා. ඒ වායේ සාම්පල ගන්න කණ්ඩායමක් යොමුකරලා තියෙනවා. ඒවා පරීක්ෂා කරලා අවසාන තීන්දුවක් දෙන්න වෙන්නේ. ඒ වගේම එහෙම තෙල් කාන්දුවක් වෙනවා නම් ඒක වළක්වා ගන්න එයින් වෙන හානිය අවම කරන්න ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගන්න අදාළ අංශ දැනුවත් කර ඇති බවත් සභාපතිවරිය මාව දැනුවත් කරා. දැවැන්ත වන්දියක් ගන්න අදාළ ආයතන මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒත් පරිසර හානිය ඩොලර්වලින් පියවන්න බෑ. සියලු වැරදිකරුවන්ට වන්දිවලට එහා ගිය දඬුවමක් ලබාදිය යුතුයි.“ යනුවෙනි.

කොළඹ වරායට ආසන්න මුහුදේදි ගිනි ගැනිමට ලක්වු “එම්.වි එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව පසුගිය දෙවැනිදා ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමට කටයුතු කිරිමේදි නැව තුළට ජලය කාන්දුවිම නිසා එය ගිලි යාමට ලක්වූ අතර නැවේ පිටුපස කොටස මීටර 22ක් පමණ ගැඹුරින් ඇති මුහුදු පතුලේ ගැටී පවතී.

Read more

Local News