වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් සංවිධානය කරනු ලබන “ලෝක වකුගඩු දිනය” සැමරීම අද (08) මොණරාගල, බුත්තල ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මොණරාගල දිස්ත්‍රික්කයේ මේ වන විට වකුගඩු රෝගීන් 87,000ක් පමණ හඳුනාගෙන ඇති අතර බුත්තල, වැල්ලවාය, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් රෝගීන් බහුල වශයෙන් වාර්තා වේ.
මෙම අවස්ථාවට සමඟාමීව බීමට නුසුදුසු ජල මූලාශ්‍ර 17ක් සඳහා ප්‍රති ආශ්‍රිත ජල පද්ධතිය ලබාදීම, ගෘහස්ථ ජල පෙරණ 1450ක් ලබාදීමට නියමිත අතර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සමග ඒකාබද්ධව වකුගඩු රෝගයෙන් පෙළෙන හඳුනාගත් අඩුආදායම්ලාභීන් 56කට නිවාස ප්‍රතිලාභ ලබාදීම, වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන මුදල් ආධාර පිරිනැමීම, ස්වයං රැකියා සඳහා ආධාර ලබාදීම, ගෘහස්ථ රුධිර කාන්දු කරණ ක්‍රමය හඳුන්වාදීම, මෙන් ම අඩුආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්වය ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.