ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. එහි සදහන් වන්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදාගනිමින් උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග මගින් පොලීසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සහ එහි උප සභාපති හබීබ් මොහොමඩ් සමීන් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



