සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්, අගමැති හමුවට

Share

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ මේජර් ‍ජෙනරල් නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා ඊයේ (13) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සේවය සැල කර සිටියේය.

1986 ඔක්තෝම්බර් 27 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට එක්වුණු නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා අඛණ්ඩව 35 වසරක් යුද හමුදා සේවයේ නිරත විය.

යුද්ධයේ දී දක්වන ලද විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කමෙන් තුන්වතාවක් පිදුම් ලැබූ මේජර් ජෙනරාල් නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ හා ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙහි දී අග්‍රාමාත්‍යතුමා නව අධ්‍යක්ෂ ජනරාල්තුමාට සුභ පැතුම් එක් කළ අතර මෙම අවස්ථාවට අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු එක්ව සිටියා.

May be an image of 1 person and standing
May be an image of 1 person, standing and indoor
May be an image of one or more people, people standing and indoor
No photo description available.

Read more

Local News