දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

Share

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, වව්නියා, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක.

Read more

Local News