කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,666 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගෙන තිබේ.
ඒ අනුව ආසාදිතයින් 360 දෙනෙකු ඊයේ කොළඹින් වාර්තා විය. ගම්පහ 256ක්, කළුතර 139ක්, ගාල්ල 172ක්, අම්පාර 170ක් ලෙස ආසාදිතයින් වාර්තා විය.
මීට අමතරව යාපනය 71ක්, හම්බන්තොට 60ක්, මහනුවර 54ක්, නුවරඑළිය 52ක්, බදුල්ල 45 ක්, මඩකලපුව 40ක් ලෙස දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.



