හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Share

හැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් හෙට (03) පැය 24ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව හෙට උදෑසන 10 සිට අනිද්දා (04) උදෑසන 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

Read more

Local News