ඊයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශයන්

Share

ඊයේ (06) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,794 දෙනෙකු හඳුනාගත් අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 548 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 369 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 356 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇත. මහනුවර දිස්ත්‍රික්කයෙන් 224 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් 174 දෙනෙකු, අම්පාර දිස්ත්‍රික්කයෙන් 135 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 129 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් 114 දෙනෙකු සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 107 දෙනෙකු ලෙස හදුනාගෙන ඇත.

Read more

Local News