ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශයට

Share

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශය හිමි කරගෙන තිබෙනවා. ඒ 4ට 1ක් ලෙසයි. ඊයේ පැවැති අවසන් තරගය ලකුණු 60 කින් ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 122ක් රැස් කල අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 62 ක් පමණයි. පන්දු යැවීමේදී ශකීබ් අල් හසන් ලකුණු 9ට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

Read more

Local News