දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරුසහ උතුරු මැද පළාත්වල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (03) දහවල් 12.09 මාරවිල, නාරම්මල , මාවතගම, ගිරාඳුරුකෝට්ටේ සහ මණ්ඩූර් ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී..

Read more

Local News