කළුතර ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

Share

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, බේරුවල, අලුත්ගම, දර්ගානගරය, පිලමිනාවත්ත, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

Read more

Local News