සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෞඛ්‍ය පෙරට ජාතික සමුළුවේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ,
සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා 2015-2020 කාලය තුළ රුපියල් බිලියන 365 ක විදේශ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.
මෙම විදේශ ආයෝජන ව්‍යාපෘති යුරෝපා රටවල්, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, ඉන්දියාව, ඔස්ට්‍රියාව, වැනි සංවර්ධිත රටවල් වලින් ලැබී ඇත.
මෙම විදේශ ආයෝජන යටතේ කොළඹ ද සොයිසා කාන්තා රෝහල සංවර්ධනය කිරීම, මාතලේ රෝහල සංවර්ධනය කිරීම, දඹුල්ල, දෙනියාය සහ බියගම සදහා නව රෝහල් ඉදිකිරීම, කිලිනොච්චිය, වවුනියාව, පේදුරුතුඩුව, මාන්කුලම්, යාපනය සහ මඩකලපුව යන රෝහල යන රෝහල් සංවර්ධනය කිරීම, හදිසි අනතුරු ප්‍රතිකාර ඒකක ඉදිකිරීම, ගිලන් රථ ව්‍යාපෘතිය, පොළොන්නරුව වකුගඩු රෝහල, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිකිරීම, සුර්ය බලයෙන් විදුලි සැපයුම් ක්‍රියාවලිය, ආපදා හෙළිකොප්ටර් යානා සහ ආපදා රථ ලබාගැනීමේ ව්‍යාපෘතිය, වෛද්‍ය නිල නිවාස 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, පානදුර රෝහල සංවර්ධනය කිරීම, කලුතර ගල්අස්ස මාතෘ හා ළමා රෝහල ඉදිකිරිම, චීන රජයේ ආධාර මත රෝහල් 13 ක් සංවර්ධනය කිරීම, රෝහල්වල රෙදි සේදීමේ ව්‍යාපෘතිය, ඇතුලු තවත් ව්‍යාපෘති රැසක් ඊට ඇතුලත් වෙයි. මෙම විදේශ ආයෝජන සහනදායි ණය කොන්දේසි මත සහ ආධාර මත ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.