2021 විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශුරතාවයේ කිරුළ කාට හිමිවෙයිද ?

Share

ලෝකයේ බහුතර ප්‍රේක්ෂක ජනතාවක් නරඹන ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව සැලකිය හැකිය.. එමෙන්ම අයිසීසී විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කියන්නේ ක්‍රිකට් ලෝලීන් ඉතා ඕනෑකමින් මග බලා සිටින්නාවූ තරගාවලියක්.. 2007 වසරේ සිට ආරම්භය සනිටුවන් කළ මෙම තරගාවලිය මේ වසරේද (2021) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කරනු ලබයි..

2021 විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල විකාශන අයිතිය සියත අප නාලිකාවට හිමි ව තිබෙනවා. තරගවලිය හා සජීවීව එක්වීම සදහා ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂක ඔබට අප ආරධනා කර සිටින්නෙමු.

2007 වසරේ පළමු ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම බවට පත් වුයේ ඉන්දියාවයි.. එහි අනුශුරතාවය පාකිස්ථානයට හිමි වූ අතර මෙම තරගවලිය පැවැත්වුයේ දකුණු අප්‍රිකාවේදී ය.. ඉන් අනතුරුව දෙවන ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේදී පැවැත්වූ අතර එහි ශුරතාවය පාකිස්ථානයට හිමි වුණා. අනුශුරතාවය දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි.. 2010 වසරේදී ලෝක ශුරතාවය එංගලන්තය හිමි කරගත් අතර අනුශුරතාවය ඕස්ට්‍රලියාව හිමි වුණා..

2012 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුණු අතර එහි ශුරතාවය බටහිර ඉන්දීය කොදෙව්වන් ජයග්‍රහණය කළා.. ශ්‍රී ලංකාවට මේ තරගාවලියේදීත් අනුශුරතාවයයි හිමි වුයේ..

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂකයින්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සඵල කරමින් 2014 වසරේදී බංගලාදේශයේදී පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට ශුරතාවය හිමි කර ගැනීමට හැකි වුණා.. ඒ එතෙක් මෙතෙක් මෙරට ක්‍රිකට් වංශකතාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුවන් කරන්නක්..

2016 වසරේද ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වූ අතර ඉන්දියාවේ පැවැත්වූ මෙම තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ දෙවතාක් ශුරතාවය දිනා ගැනීමට සමත් වූ රට බවට පත් වුවා..මෙහි අනුශුරතාවය එංගලන්තය හිමි කරගත්තා.

ඉහත දැක්වූයේ ලෝක කුසලාන ආරම්භයේ සිට මේ දක්වා පැවැත්වුණු තරගාවලි වලදී විස්සයි විස්ස ලෝක කුසලාන ශුරතාවයන් හා අනුශුරයින් වූ කණ්ඩායම්.. ඒ පිලිබදව දළ සටහනක් පහතින්,

2021 මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශුරතාවය කාටද ? ලොවක් බලා සිටින්නා වූ මෙම තරගාවලියේ සජීවී තරග අත්දැකීම විදගන්න..රැදෙන්න සියත TV සමගින්..

Read more

Local News