කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවති ” ඩිජිටල් වෙළඳ හා කර්මාන්තකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආසියානු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වැඩමුළුවේ ” ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ,
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක 9 වන කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම් සංවර්ධනය යටතේ ශ්‍රී ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ආශ්‍රිත කර්මාන්තකරණයට නැඹුරු වී සිටින බවත්, මේ වන විට තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය කර්මාන්ත අපනයනයෙන් 4 වන ස්ථානයේ පසුවන බවත්, එය ඉදිරි වසර කීපය තුළ පළමු ස්ථානයට ගෙන ඒමට අපේක්‍ෂා කරන බවයි.