ඔස්ට්‍රේලියාවට කඩුලු 5 ක ජයක්

Share

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4ක් දැවී නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 176ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී පන්දුවාර 19ක දී ලකුණු 177ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තය සමග අවසන් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Read more

Local News