කටුනායක අධිවේගය භාවිත කරන්නන්ට දැනුම්දීමක්

Share

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස නොවැම්බර් 14 වන ඉරිදා උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වසා තැබෙන බව දැනුම් දී තිබෙනවා.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ – නුවර මාර්ගයත් (A1), කොළඹ – මීගමුව මාර්ගයත් (A3) භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.

Read more

Local News