මැන්ඩෙලාට නිදහස දුන්, සුදු ජාතික අවසන් ජනපති අවසන් ගමන් යයි

Share

දකුණු අප්‍රිකාවේ කළු සුදු වර්ණභේදවාදය අවසන් කිරීමට නෙල්සන් මැන්ඩෙලාට සහය වූ හිටපු සුදු ජාතික ජනාධිපතිවරයෙකු වූ එෆ්. ඩබ්ලිව්. ඩී. ක්ලර්ක් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු නෙල්සන් මැන්ඩෙලා හා නොබෙල් සාම ත්‍යාගය බෙදාගත් ජනාධිපතිවරයායි.

දකුණු අප්‍රිකාව ලෝකයේ දරුණුතම වර්ණභේදවාදයට මුහුණදුන් රටක්. කළු සුදු වර්ණභේදවාදය නිසා දහස් ගණන් ජීවිත දකුණු අප්‍රිකාවට අහිමි වුණා. වර්ණභේදවාදය අවසන් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද්දේ කළු ජාතිකයෙකු වූ නෙල්සන් මැන්ඩෙලායි. දශක කිහිපයක් අදුරු සිර කුටියක සිටි ඔහු අවසානයේ අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත්ව වර්ණභේදවාදය අවසන් කිරීමේ මහා සටන ආරම්භ කළා. එදා සුදු ජාතිකයෙකු වූ එෆ්. ඩබ්ලිව්. ඩී. ක්ලර්ක් දකුණු අප්‍රිකාවේ එවකට සිටි සුදු ජනාධිපතිවරයායි. ඔහු දකුණු අප්‍රිකාවේ සිටි අවසන් සුදු ජනාධිපතිවරයා ද වනවා.

1989 දී ඔහු බලයට පත් වුයේ ද වර්ණභේදවාදය මුල් කරගෙනයි. නමුත් පසුව ඔහු වර්ණභේදවාදය අවසන් කිරීම සඳහා නෙල්සන් මැන්ඩෙලා හා අත්වැල් බැඳගත්තා. නෙල්සන් මැන්ඩෙලාව සිරෙන් නිදහස් කරන ලද්දේ ද මෙම සුදු ජාතික ජනාධිපතිවරයායි. කළු ජාතික නෙල්සන් මැන්ඩෙලා සහ සුදු ජාතික එෆ්. ඩබ්ලිව්. ඩී. ක්ලර්ක් නොබෙල් සාම ත්‍යාගය සම සමව බෙදා ගැනීමට තරම් වාසනාවන්ත වුණා.

නිදන්ගත රෝගයකින් පීඩා විදි එෆ්. ඩබ්ලිව්. ඩී. ක්ලර්ක් සුදු ජාතික ජනාධිපතිවරයා මිය යන විට දී 85 වියේ පසු වුණා.

Read more

Local News