ඇෆ්ගනිස්තානය තුළ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට තලෙයිබාන් සංවිධානය කටයුතු සිදු කරනු ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය තහවුරු කරගෙන අදට මාස 03 ක් සපිරෙනවා.
ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමී සංවිධානයට අනුබද්ධ ISISK සංවිධානය විටින් විට ඇෆ්ගනිස්තානය තුළ ප්‍රහාරයන් සිදු කරන හෙයින්, කාබුල් අගනුවර ආශ්‍රිතව මුරපොළවල් පිහිටු වීම, රියදුරු බලපත්‍ර පරීක්ෂා කිරීම, වාහන සෝදිසි කිරීම වැනි ආරක්ෂක පියවරයන් මේ වන විට ආරම්භ කර තිබෙනවා.