ඉල් පුර පසළොස්වක පොහොය අදයි

Share

උතුම් වූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (18) යෙදී තිබෙනවා.

ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුව තිබෙනවා.

දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ බුදුරජාණන් වහන්සේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑම ද සිදුව ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකයි.

කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙස ද ඉල් පුර පසළොස්වක පොහො දිනය සළකනවා.

Read more

Local News