උණ, කැස්ස, හෙම්බිරිසාව තියනවනම් දරුවන් පාසල් එවන්න එපා – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

Share

දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රටේ ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් කඩිනමින් සමාජයෙන් දුරස්ව සිටීමට වගබලා ගත යුතු බවයි ඇය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

පාසල් යළි ආරම්භ කිරීමත් සමග ඒ ආශ්‍රිතව කොවිඩ් රෝගීන් වාර්තා වීම මේ වන විට හදුනා ගත හැකියි.

ඒ අනුව යම් සිසුවෙක් කොවිඩ් අසදිතයෙකු ලෙස තහවුරු වුවහොත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සවිස්තරාත්මක මාර්ගෝපදේශ මාලාවක් මේ සතියේ නිකුත් කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

Read more

Local News