ප්‍රථම සය නිවුන් දරුවන් රෝහලෙන් පිටවේ

Share

ඉංජිනේරු දෙමාපිය යුවලකට දාව කොළඹ නයින්වේල්ස් රෝහලේ දී මෙම සය නිවුන් දරු උපත සිදු වුණා.

ඒ පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකුයි.

මීට පෙර සය නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවේ දී සිදුව තිබුණේ නැති අතර මෙම දරු උපත ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපතයි.

මෙම සය නිවුන් දරු උපත සඳහා විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ද සහභාගී වුණා.

මාසයකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ මෙම බිළිඳුන් එම රෝහලෙන් ඊයේ පිටව ගියා.

ඒ වෙනුවෙන් විශේෂිත වූ උත්සවයක් නයින්වේල්ස් රෝහලේ රෝහල් කාර්යමණ්ඩලය සූදානම් කර තිබුණේ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

එහි දී ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම බිලිඳුන් වෙත තිලිණ ප්‍රධානත්වයක් ද සිදු කළා.

Read more

Local News