රසායනික පොහොර තහනම් ගැසට්ටුවත් රිවස්

Share

රසායනික පොහොර තහනම් කළ ගැසට්ටුව අද රජය රිවස් කර ගත්තා.

ඒ අනුව පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කිරීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළා.

එහෙත් රජය රසායනික පොහොර ආනයනය කරන්නේ නැති බවයි අමාත්‍යවරයා අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ පමා වී හෝ රජයට මේ තීන්දුව ගැනීමට සිදුවන බව සමගි ජනබලවේගය දැන සිටි බවයි.

Read more

Local News