අමෙරිකාවේ කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්

Share

යළිත් අමෙරිකාවේ කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ගෙවුණු මාසය හා සැසඳීමේ දී මෙම ඉහළ යාම සියයට 23 ක වර්ධනයක් බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

කොවිඩ් එන්නත පූර්ණ ආරක්ෂාවක් සපයන්නේ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

කොවිඩ් එන්නත මගින් පූර්ණ ආරක්ෂාවක් ලබා දෙන බවට වන මිත්‍යා මතයෙන් මිදෙන්න යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සමස්ථ ලෝකයෙන්ම ඉල්ලා සිටිනවා.

එසේ ම මෙම ශීත සෘතුවේ දී යුරෝපය තුළ කොවිඩ් මරණ ලක්ෂ 10 ක් පමණ සිදුවිය හැකි බවට ඔහු අනතුරු අඟවනවා.

Read more

Local News