අධික වර්ෂාවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම්

Share

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සමඟ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් මේ වන විටත් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ඝන අඩි 12,000 ක ජල ධාරිතාවයක් කලා ඔයට මුදා හරින බවයි වාර්තා වන්නේ.

අධික වැසි හේතුවෙන් වව්නියාව – ත්‍රිකුණාමල මාර්ගය ජලයෙන් යට වීම නිසා අද උදැසන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. වව්නියාව දිස්ත්‍රික්කයේ වැව් රැසක් මේ වන විට වාන් දමමින් පවතින බවයි වාර්තා වන්නේ.

මඩකලපුව දිස්ත්‍රික්කයට අධික වර්ෂාව සමඟ නව කාත්තන්කුඩි, නාවට්කුඩා, ආරයන්පති, වෙල්ලාවේලි, තිරාන් ඇතුළු ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ගමනාගමනයට බාධා පැමිණ තිබුණා.

පවතින අධික වර්ෂාවෙන් අම්පාර, උහන සේනාගම ප්‍රදේශයේ ද නිවාස කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

(අනුරාධා රණසිංහ)

Read more

Local News