තෙරේසා මව්තුමියගේ සහන සංවිධානයට විදේශ ආධාර ලැබීම නැවතෙයි

Share

තෙරේසා මව්තුමියගේ සහන සංවිධානයට විදේශ ආධාර ලැබීම ඉන්දීය රජය අත්හිටුවා තිබෙනවා.

ඉන්දියාවේ දුප්පතුන් අතරින් ද අන්ත දුප්පතුන් වෙනුවෙන් සිය දිවියම කැප කළ තෙරේසා මව්තුමියගේ මිෂනරිස් ඔන් මැරිටි සංවිධානය සඳහා විදේශ ආධාර ලැබීම ඉන්දීය රජය මගින් අත්හිටුවා තිබෙනවා.

නත්තල් දිනයේදීත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය මෙම තීරණයට එළඹී ඇත්තේ එම විදේශ ආධාරවලින් අහිතකර ප්‍රතිඵල අත්වන බවට චෝදනා කරමින්.

ඉන්දියාවේ අන්ත හින්දුවාදී කණ්ඩායම් තෙරේසා මව්තුමියගේ රාජ්‍ය නොවන සංවිධානය දුගී ඉන්දියානුවන් ක්‍රිස්තියානි ආගමට යොමු කර ඇති බවට චෝදනා එල්ල කර තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රදේශ රැසක නත්තල් සැමරුම් අන්තවාදීන් විසින් කඩා කප්පල් කිරීමේ සිද්ධීන් වාර්තා වීමත් සමඟ ඉන්දීය රජය මෙම තීරණය ගෙන තිබෙනවා.

Read more

Local News