හදිස්සියේ ඩොලර් සංචිත ඉහළ යන්නේ කාගේ සල්ලිවලින්දැයි වහා හෙළි කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

හර්ෂ ද සිල්වා

නොවැම්බර් මාසය වන විට අපේ රටේ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1587ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මෙලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ලඟා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

මේ අතර හදිස්සියේ ඩොලර් සංචිත ඉහළ යන්නේ කාගේ සල්ලිවලින්දැයි වහා හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.