කණ කර උකස්කළ ගොවි අඳෝනාව December 30, 2021 නිසි කලට රසායනික පොහොර යෙදුව නම් මේ වන විට ගොයම් ගසක උස අඩි එකහමාරක් වත් විය යුතු බව ගොවීන් පවසනවා. එහෙත් අද වන විට ගොයම් ගසක් වැඩි ඇත්තේ අඟල් 04 ක් 05 ක් පමණ කුඩාවටයි. කණ කරද උකසට තබා කුඹුරක අවදානම ගත් ගොවි පවුල් අද හඩා වැටෙනවා.