ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග මේ වන විට දිවයිනේ පළාත් කිහිපයකට අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ.
පොළොන්නරුවට ඇද හැලෙන අධික වර්ෂාවත් සමගින් මැදිරිගිරිය කුඹුරු අක්කර සියයකට පමණ හානි සිදු වී තිබුණා.



