ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
සතියක කාලයක් තුළ අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාන්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේ.
ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඉන්දීය රජය සමග ඇති කර ගත් මෙම ගිවිසුම් ත්‍රිත්වය හරහා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.



