කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

Share

අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් 2011 ජනවාරි මස 08 වන සෙනසුරාදා 08.00 සිට එදිනම මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව දැනුම් දී ඇත.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ ලෙස,

කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ
මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ
කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන

ජල සැපයුම විසන්ධි කිරීම හේතුවෙන ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබද මණ්ඩලය සිය කණගාටුව පල කර ඇත.

Read more

Local News