වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 12 වනදා දක්වා කල් තැබේ

Share

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

එම තීන්දුව අද දින ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එම නඩුව අද කඳවූ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේ මෙම නඩු තීන්දුව සුදානම් කර ගැනීමට නොහැකි වූ හෙයින් එය ප්‍රකාශ කිරීම ලබන 12 දක්වා කල් තබන බවයි.

Read more

Local News