ශ්‍රී ලංකාවට තෙල් රැගත් ඉන්ධන නැව් 02 ක් වරායට

Share

මේ වන විට ශ්‍රී ලංකාවට තෙල් රැගත් ඉන්ධන නැව් 02 ක් වරායට පැමිණ තිබෙනවා.

නමුත් එම ඉන්ධන ගොඩ බාන්න රජයට ඩොලර් නැති බව වෘත්තීය සමිති පවසනවා.

මෙරට තිබෙන තෙල් තොග ඇත්තේ තවත් දවස් 07 කට පමණක් බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ.

එම නිසා ඉදිරියේ දී ඉන්ධන හිඟයක් අත ළඟ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර ත්‍රිකුණාලමයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට එරෙහිව තෙල්, වරාය, විදුලි වෘත්තිය සමිති 18 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වනවා.

Read more

Local News