අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස් වන මහලින් පැන්න කතක් මිය යයි

Share

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ කාන්තාවක් සිය දිවි හානි කර ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස් වන මහලින් බිමට පැනීමෙන්.

එම කාන්තාවගේ මරණයට හේතුව පිළිබඳ විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මිය ගිය කාන්තාව භාරව සිටි නිලධාරිනියන්ගේ අතපසු වීමකින් මෙම මරණය සිදුවූවාද?

ඒ පිළිබඳව වහා සොයා බලන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් නිහාල් තල්දූව මහතා පවසන්නේ.

Read more

Local News