දුම්රිය වෘත්තීය සමිතිවලින් ස්ථානාධිපතිවරුන්ට බරපතල චෝදනාවක්

Share

වැඩ වර්ජනය අතරතුර දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරීන් තමන්ට පහරදුන් බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා.

මෙම වර්ජනය අසාධාරණ බවද ඔහු පවසනවා.

මැර තර්ජනයෙන් ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් ත්‍රස්තවාදීන් පිරිසක් බවට ද සෙසු දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරනවා.

පහරදීම් සහ තර්ජන සිදු කළ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් වෘත්තීය සමිති ඉල්ලා සිටිනවා.

එසේ නැතිනම් දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයකට යොමු වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

Read more

Local News