දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Share

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News